මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලයේ සභාපති ජනපති හමුවෙයි

    අගෝස්තු 24, 2019

    දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් ක්‍රීඩාව  ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේය.

    ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කි‍්‍රඩාව දේශපාලන මැදිහත්වීම් හා බලපෑම්වලින් තොරව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල, ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ද මෙමඅවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya