අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනය 27 වැනිදා

    අගෝස්තු 24, 2019

    2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට පූර්වගාමීව සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනය අගෝස්තු මස 27 වෙනි අගහරුවාදා ප.ව. 03.00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    මෙම දේශනය මෙවර වෙන් වන්නේ සංස්කෘතික සාහිත්‍යය හා එහි අප්‍රචලිත නිර්මාණ සදහාය. සංස්කෘත කාව්‍යයේ මහා සම්ප්‍රදායට ප්‍රතිපක්ෂ අප්‍රකට කාව්‍ය සහ කුකාව්‍ය : විචාර පූර්වක ආලෝචනා යන මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහණ සෙනෙවිරත්න මහතා විසිනි.

    මහාචාර්ය වෝල්ටර් මාරසිංහ සූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනයට පරිවාර වශයෙන් ප්‍රාසාංගික නිර්මාණාවලියක්ද මෙදින ඉදිරිපත් කරනු ලැබේ. සංස්කෘත සාහිත්‍යය හා ප්‍රතිබද්ධ සම්භාව්‍යය හා ජනප්‍රිය නිර්මාණ සිහි කැදවන නර්තනාංග, ගායන හා සංගීතාංග ඊට ඇතුළත් වෙයි. එම නිර්මාණාවලිය සදහා රවිබන්දු විද්‍යාපති, මහානාම වික්‍රමසිංහ, ඉන්දිකා උපමාලි, සශිකා නිසංසලා, රවීන්ද්‍ර අලගියවන්න යන ශිල්පී පර්ශදය ප්‍රමුඛ සංගීත හා නර්තන ශිල්පී ශිල්පිනීහු දායක වෙති.

    රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනයෙහි ග්‍රන්ථගත මුද්‍රිත පිටපත මෙදින නොමිලයේ ලබාදීමටද කටයුතු යොදා ඇත. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සමග එක්ව මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනය සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya