අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෝධානීකරණ කොන්සියුලර් ජංගම සේවා කුරුණෑගල දී හා දඹුල්ලේ දී

    අගෝස්තු 23, 2019

    විදේශ අමාත්‍යාංශය මහජනයා වෙත ලබාදෙන කොන්සියුලර් සේවාවල තවත් අංගයක් වශයෙන්, දුරස්ථ ප්‍රදේශවල මහජනතාවට යහපත සලසමින්, විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමාගේ මාර්ගෝපදේශ මත කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සමෝධානීකරන කොන්සියුලර් ජංගම සේවාවන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලදී.

    කුරුණෑගල දී හා දඹුල්ලේ දී පැවති මෙම සමෝධානීකරන කොන්සියුලර් ජංගම සේවාවන්වල දී, විවිධ කොන්සියුලර් ගැටලු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ සහය පතමින් පැමිණි පිරිස සමඟ කථාබස් කළ මාරපන අමාත්‍යවරයා, ඔවුන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    විදේශ කටයුතු අමාත්‍යාංශය, මෙම ජංගම සේවාවන්වල දී, විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතනවල සේවාවන් ද, කුරුණෑගල හා දඹුල්ල ප්‍රදේශවල මහජනතාවට ලබා ගැනීමට ඉඩකඩ සැලසීය.

    මෙම කොන්සියුලර් ජංගම සේවාවන්‍ තුළ දී, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 කින්, මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 කින් හා ඊට සමීප ප්‍රදේශවලින් පැමිණි මහජනතාව මෙම අමාත්‍යාංශයේ සහය ලබාගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya