අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යවේදීන්ගේ කුසළතා අගය කරමින් සෑම වසරකම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට විධිවිධාන යොදා තිබෙනවා

    අගෝස්තු 23, 2019

    යහපත් ජනමාධ්‍ය කලාවක් රටේ බිහි කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ගේ කුසළතා අගය කරමින් සෑම වසරකම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් ලබන වසරේ මාධ්‍ය සම්මාන උළෙලේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ නිර්දේශිත නම් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(23) පැවති උත්සවයකට එක්වෙමිණි. ජූරිය විසින් නිර්දේශිත මාධ්‍යවේදීන් 78 දෙනෙකුට අද දින සහතික පත් ප්‍රදානය කෙරුණි.

     මෙම අවස්ථාවට එක් වූ ජූරියේ සාමාජික ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ප්‍රථම වතාවට පැවැත් වූ මෙම සම්මාන උළෙල සඳහා මාධ්‍යවේදීන් 1654කගේ අයදුම්පත් ලැබුණු බවත් ජූරිය විසින් කිසිදු විවේචනයක් එල්ල නොවන පරිදි ඉතා අපක්ෂපාතී විනිශ්චයක් කළ බවත් මෙම වැඩපිළිවෙල පිළිබඳ සුදුසු යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද කුරුවිට මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

    මාධ්‍යවේදීන් අගයනු වස් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රථම වරට සංවධානය කළ මෙම සම්මාණ උළෙලේදී රූපවාහිනී,ගුවන්විදුලි,පුවත්පත් හා වෙබ් ක්ෂ්‍රේත්‍ර 04 නියෝජනය කරමින් සිංහල,දෙමළ, සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම නියෝජනය කළ මාධ්‍යවේදීන්ට සම්මාන ප්‍රදානය කෙරුණු අතර මාධ්‍ය කලාවට විශිෂ්ට සේවාවක් ඉටුකළ මාධ්‍යවේදින් 4 දෙනෙකුට තම ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන ජූරියේ විශේෂ සම්මාන 4 ක් ද, එදින පිරිනැමිණි.

     ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජේ.ඩබ්.කිත්සිරි මහතා, සම්මාන උළෙලේ ජූරිය ලෙස කටයුතු කල කමිටුවේ සාමාජිකයන් ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද මාධ්‍යවේදීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya