අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයෙන් ප්‍රදානය කළ පී 625 නෞකාව අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්

    අගෝස්තු 23, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් පී 625 නෞකාව  (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් “ණශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරිණි.

    අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර ජයසිංහ මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අනතුරුව “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ජනාධිපතිතුමා නෞකාවේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නාවික හමුදාපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම ක්‍රියාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.

    1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112ක් සහ පළලින් මීටර් 12.4ක් වන අතර, එහි ධාරිතාව ටොන් 2300ක් වේ. නෞකාවේ නිලධාරින් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයීම සදහා යොදා ගැනීමට නියමිතය.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ යන මහත්වරුන් ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් සහ හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චේන්ග් සුයුවාන් මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya