අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝගම්බර බන්ධනාගාර ප්‍රථිසංස්කරණයේ ප්‍රථම අදියර අවසන්

    අගෝස්තු 23, 2019

    බෝගම්බර බන්ධනාගාරය පැවති භූමිය නවීකරණය කොට සංවර්ධනය කිරීම සදහා රජය දියත් කර ඇති ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේ ඉදි කිරීම් අවසන් කොට ජනතා අයිතියට පැවරීමේ අවස්ථාව සහ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම 2019 අගෝස්තු 24 වැනි දින පෙ.ව. 10.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.


    අක්කර 11 ක භූමි භාගයකින් යුක්තව පැවති බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද්දේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේය. ඒ අනුව වත්මන් රජය මගින් බෝගම්බර බන්ධනාගාරය පැවති භූමිය නවීකරණය කොට සංවර්ධනය කිරීමට කටයුතු යෙදූ අතර, එය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකය.


    නවීකරණය කොට ඇති පළමු අදියරේ සංවර්ධන කටයුතු යටතේ බෝගම්බර බන්ධනාගාර උද්‍යාන පරිශ්‍රයේ පිටත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇති අතර, එහි ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක් සහ මහජන උද්‍යානයකින් යුක්තය. මීට අමතරව උඩරටට අවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සදහා එලිමහන් වේදිකාවක්ද ඉදි කොට ඇති අතර, සංචාරකයන් සදහා දේශීය සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සදහා එය යොදා ගැනීමට අපේක්ෂිතය.

    ප්‍රථම අදියරේ මෙම සංවර්ධන කටයුතු සදහා මිලියන 200 ක මුදලක් වැය කොට ඇත. මහනුවර නගරයේ ඓතිහාසික සහ සංස්කෘතිකමය වටනාකම ආරක්ෂා වන පරිදි මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයද ඇතිව දියත් කොට ඇති මෙම වැඩසටහන තුළින් දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරයටද විශාල ශක්තියක් ලැබෙනු ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ගැමුණු ප්‍රේමවර්ධන මහතා පවසයි.

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාතංශ්‍යය මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් දියත් කරන අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයද මේ සදහා ලැබී ඇත. දෙවැනි සහ තුන්වැනි අදියර යටතේ බෝගම්බර බන්ධනාගාරයේ පසුපස පර පිහිට සිර මැදිරි සහ අනිකුත් කොටස් නවීකරණය කොට සංවර්ධනය කිරීමට නියමිතය

    DMU./ Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya