අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකු (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    අගෝස්තු 22, 2019

    මහජන බැංකු (සංශෝධන ) පනත් කෙටුම්පත අද (23)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය ආරම්භ කරමින් සඳහන් කළේ, මෙම පනත මඟින් මහජන බැංකුව පෞද්ගලිකකරණය සිදු නොවන බවය. මෙයි සිදු කරන්නේ බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීම පමණක් බව සඳහන් කළේ ය.

    ඉන් අනතුරුව විවාදයේ අඳහස් දැක්වීම සිදු කළේ, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසිනි. අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, බැංකු වර්ධනයට ප්‍රාග්ධන වැඩි කරගැනීම අවශ්‍ය බවයි.ඒ අනුව බැංකුවක් ශක්තිමත්ව පවත්වාගැනීමට ප්‍රාග්ධනය ඉහළ නංවාගත යුතු බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya