මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කෙරේ

    අගෝස්තු 22, 2019

    ඔරුගොඩවත්ත, වැල්ලම්පිටියේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මෙම වෘත්තීය පුහුණු ආයතනය කොරියානු රජයේ EXIM බැංකුවේ සහන ණය ආධාර මත ඉදිකර තිබේ.

    රුපියල් මිලියන 29,000 ක ආයෝජනයකින් ඉදිකළ ලංකා - කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීමේ උත්සවය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති යෙං ලී, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන යන මහත්වරු, කොරියානු රජයේ EXIM බැංකු නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya