අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය එළිදැක්වීම සහ 24 වන ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 22, 2019

    ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය එළිදැක්වීම සහ 24 වන ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (21) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

    ඉහළ ගුණාත්මකභාවය සහ තරගකාරිත්වය ඉහළ නැංවීම මෙන්ම කාර්යසාධන විශිෂ්ටත්වය අගයමින් රාජ්‍ය හා පෞද්ගලික අංශවල මහා පරිමාණ, මාධ්‍ය පරිමාණ හා සුථ පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් වාර්ෂිකව මෙම සම්මාන උලෙළ සංවිධානය කරනු ලබයි.

    2017/2018 වර්ෂවලට අදාළව ඉහළ ප්‍රමිතිගත සේවාවක් සපයන ලද මධ්‍ය පරිමාණ හා මහ පරිමාණ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් ජයග්‍රාහක ආයතන වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ෆර්මාන් ජේ. කාසීම්, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya