අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 385603 කට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික

    අගෝස්තු 22, 2019

    ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 385603 කට 2019.08.09 වන දිනවන විට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබා දී වෘත්තිකයෙකු බවට පත් කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට හැකිවිය.


    කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) , ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) , ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) , ජාතික තරුණසේවා සභාව (NYSC) , පුද්ගිලික අංශය යන ආයතන මගින් NVQ සහතික නිකුත්කර ඇත. ඒ අනුව නිපුනතා පාදක ඇගයීම (CBT) , පෙර දැනුම ඇගයීම (RPL) , ආයතන පාදක ඇගයීම (EBT) යන අංශ හා ක්‍ෂේත්‍ර යටතේ එම සහතික ලබාදී ඇත. ඒ අනුව කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) ආයතනය මගින් නිපුනතා පාදක ඇගයීම් (CBT) සහතික 41802ක් , පෙර දැනුම ඇගයීම් (RPL) සහතික 119ක් ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මගින් ඇගයීම් සහතික (CBT) 22037ක් , පෙර දැනුම ඇගයීම (RPL) සහතික 50530ක් , ආයතන පාදක ඇගයීම් (EBT) සහතික 8731ක්ද  ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) මගින් ඇගයීම් සහතික (CBT) 123908ක් , පෙර දැනුම ඇගයීම (RPL) සහතික 7905ක්ද , ජාතික තරුණසේවා සභාව (NYSC) මගින් ඇගයීම් සහතිකපත් (CBT) 11316 ක්ද , පුද්ගලික අංශය මගින් ඇගයීම් සහතිකපත් (CBT) 119255ක් ද ,යනාදිය වශයෙන් වෘත්තීය ක්‍ෂේත්‍ර 240කට අධික ප්‍රමාණයක් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya