අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදුසුකම් සළකා බලා සමෘද්ධි සහනාධාරය ලබාදීම ඉදිරි මාස දෙක තුන තුළ නිම කිරීමට සැලසුම් කර තිබෙනවා

    අගෝස්තු 21, 2019

    සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් ලබාදී ඇති ඉල්ලුම්පත් වල සුදුසුකම් සළකා බලා, සමෘද්ධි සහනාධාරය ලබාදීමේ වැඩසටහන ඉදිරි මාස දෙක තුන තුළ නිම කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ  සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කර තිබූ වාචික ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    සමෘද්ධි ප්‍රතිලාභ අලුතෙන් ලැබුණ පවුල් 12281කට අමතරව එලෙස ප්‍රතිලාභ හිමිවීමට පවුල් ඇත්නම් ඒ සඳහා  ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා ඇත.

    මේ වනවිට ප්‍රධාන කාර්යාලයට ඉල්ලුම්පත් ලක්ෂ 04කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇත.අනුරාධපුර දිස්ත්‍රික්කයේ  මෙන් ම සෙසු දිස්ත්‍රික්කවල ඉල්ලුම්පත් වල සුදුසුකම් සළකා බලා, සමෘද්ධි සහනාධාරය ලබාදීමේ වැඩසටහන  ඉදිරි මාස දෙක තුන තුළ නිම කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    සමෘද්ධි පුරප්පාඩු 439ක් තිබෙනවා ළඟදීම එය සැපිරීමට කටයුතු කරනවා.ගෙවල් 30,000ක් සහ වැසිකිළි 50000ක්  දෙසැම්බර් මස අවසන්වීමට පෙර සාදා නිමකිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya