අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරින්ගේ උසස්වීම් සහ එම නිලධාරින් මුහුණ දෙන ගැටළුවලට හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරනවා

    අගෝස්තු 21, 2019

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උසස් වීම් සහ එම නිලධාරින් මුහුණ දෙන ගැටළු සඳහා හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනගේ මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උසස්වීම් අතුළු ඔවුන් මුහුණ දෙන බව කියන ගැටළු සම්බන්ධයෙන් ඉක්මන් විසදුමක් ලබාදෙන්නැයි මතු කරමින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    මේ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහත ද අඳහස් දක්වූ අතර මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂම ද දනුවත් කර ව්‍යවස්ථාදායක සභාව මඟින් ද දැනුවත් කර තිබෙන බව කීය. මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්ධව වැඩබලන පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ඉක්මන් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya