මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප් කමිටුව රාජ්‍ය ආයතන 08ක් විමර්ශනයට කැඳවයි

    අගෝස්තු 21, 2019

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරි සති 03 තුළදී රාජ්‍ය ආයතන 08ක් එහි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

    මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා සතොස ආයතනය,ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කමිටුව හමුවට කැඳවා ඇත.

    අගෝස්තු 23 දින විදුලි බල මණ්ඩලයේ ප්‍රගතිය විමසා බැලේ. සැප්තැම්බර් 3 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාරක සභාව හමුවට කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටි.

    මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව මෙන් ම පරමාණු බලශක්ති අධිකාරිය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

    කෝප් කමිටුව ද මාධ්‍ය වෙත විවෘත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya