මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත වෙයි

    අගෝස්තු 21, 2019

    වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභවේ රැස්වීම මාධ්‍යයට විවෘත කිරීමට අද (21) පියවර ගන්නා බව පාර්ලිමේන්තුව පවසයි.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීම් මාධ්‍ය වෙත විවෘත කිරීමේ අවස්ථවාට කතානායක කරූ ජයසූරිය මහත, එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු නිලධාරිහු සහභාගී වීමට නියමිතය.

    පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු ද පසුගිය 09 දින ජනමාධ්‍ය වෙත විවෘත කිරීම සිදු කළේ ය.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මුලින් ම ආරම්භ වූයේ 1923 ඔක්තෝබර් 17 දිනය ඉන් වසර 96කට පසුව එහි කටයුතු මාධ්‍ය වෙත විවෘතවන්නේ පළමු වරටය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya