අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය ලෝකයටම ආදර්ශයක් -යසුෂි අකාෂි

    අගෝස්තු 21, 2019

    කෘෘර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍යය පියවර ගන්නා අතරම, රටේ වාර්ගික සාමය සහ සන්හිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ  (20 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී ය.

    ඊයේ (19) බණ්ඩාරණායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති “ජාතික සම්මාන උලෙළ 2019“  හි දී  ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්‍රදානය කරනු ලැබු  “ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්“ ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.

    ශ්‍රී ලංකාවේ සාමය සහ සන්හිඳියාව ඇති කිරීම වෙනුවෙන් අකාෂි මහතා දැරූ නොමඳ උත්සාහය වෙනුවෙන් ජනාධිපතිතුමා ඔහුට මෙහිදී ස්තූතිවන්ත විය. එමෙන්ම ඔහුට ලෝක සාමය තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියටත් කැප වීමට අවශ්‍යය ශක්තිය ධෛර්ය සහ දීර්ඝායු ලැබේවා යැයි සුභ පැතුම් එක් කළ ජනාධිපතිතුමා පැවසුවේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය  වර්ධනය කිරීමට එතුමා කළ කටයුතු විශේෂයෙන් අගය කරන බවයි.

    එමෙන්ම, අකාෂි මහතා ද ජනාධිපතිතුමාටත් ශ්‍රී ලාංකේය මුළු මහත් ජනතාවටත් තමන්ට ලබා දුන් ගෞරවය පිළිබඳ ස්තූතිය පළ කළේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජපානය සහ  ශ්‍රී ලංකාව අතර බොහෝ සමානතා ඇති බවත් බුද්ධාගම දෙරට අතර විශේෂ මිත්‍රත්වය තහවුරු කරන බවත්ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතා ද මෙම හමුවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya