සැප්තැම්බර් 22, 2019
tami eng youtube  twitter facebook

    69 වන බෙල්ලන්විල ඇසළ මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 24 වීථි සංචාරය කරයි

    අගෝස්තු 20, 2019

    උඩරට, පහතරට, සබරගමුව හේවිසි හා නැටුම් ද එක් කරමින් රටේ විවිධ ප්‍රදේශයන්ට සුවි⁣ශේෂ වු විචිත්‍රාංගයන්ගෙන් සමන්විත බෙල්ලන්විල රන්දෝලි මහා පෙරහැර 69 වන වරටත් අගෝස්තු 24 දින රාත්‍රි 07. 30 ට යෙදෙන සුබ මොහොතින් විථි සංචාරය කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් අද ( 20 ) ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසූහ.

    එදින රාත්‍රීයේ දී පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටත් වී විහාර මාවත, දෙහිවල, මහරගම ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තර හංදිය කරා ගමන් කර අනතුරුව රත්මලාන,නුගේගොඩ මාර්ගයේ බෙල්ලන්තොට හන්දිය ( කීල්ස් හංදිය ) පසුකර පැපිලියාන දෙසට ගමන් කළ විට පසුව විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානයට පිවිසීමට නියමිතය.

    පෙරහැරට සමගාමීව අගෝස්තු 18 ඉරිදා සිට 21 බදාදා මල් පෙරහැරට සමගාමීව ආගමික වැඩසටහන් සිදු කරනු ලබන අතර අගෝස්තු 18 දින ආරම්භ වී අගෝස්තු 21 දින අවසන් වන මල් පෙරහැරින් පසු ප්‍රථම වරට විහාරස්ථානයේ පිටතට ගමන් කරන ප්‍රථම පෙරහැර අගොස්තු 22 දා ඇරඹෙනු ඇත.

    අලි ඇතුන් හා නර්තනාංග රාශියකින් සමන්විත මෙම පෙරහැරේ දී සර්වඥ ධාතු කරඬුව ප්‍රථම වරට දායක කාරකාදීන්ගේ හිස මතින් වැඩවමින් විහාරස්ථනයට නැගෙනහිර වාහල්කඩින් විහාර මාවතට පිවිස දෙහිවල , මහරගම ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණ ඉදිරිපස වාහල්කඩින් විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.

    එදිනට සර්වඥ ධාතු කරඬුව වැඩම කරවීමේ පුන්‍යෝත්සවයට, විදුලිබල අමාත්‍ය රවී කරුණනායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ඇතුළුව , තවත් ආරාධිතයින් රැසක් සහභාගි වේ.

    රන්සිවිලි පෙරහැර අගෝස්තු 23 සිකුරාදා රාත්‍රී 07.30 ට පෙරහැර නැගෙනහිර වාහල්කඩින් පිටවී විහාර මාවත, දෙහිවල, මහරගම ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ට වී ශ්‍රී සෝමරතන මාවත විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින් විහාරස්ථානයට ඇතුළුවේ.

    අගෝස්තු 25 ඉරිදා දින උදැසන දියකපන පෙරහැර මංගල්‍යය හා දේව දානය පැවැත්වේ.


    එදින උදැසන දිය කැපිම සදහා බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ බටහිර වාහල්කඩින් පිටත්වන දියකැපීමේ පෙරහැර දෙහිවල , මහරගම ප්‍රධාන මාර්ගය පිවිස විහාර මාවත, පැපිලියාන පාර , කොළඹ - හොරණ පාර ඔස්සේ බොරලැස්ගමුව නගරයට පැමිණ පසුව අබේරත්න මාවත ඔස්සේ බොරලැස්ගමුව කටු ඇළ වෙත ළඟා වී එහි දී දිය කැපීමේ චරිත්‍රය සිදුකරයි . එදින දේව දාන⁣යෙන් පසුව පෙරහැර අවසන් වේ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya