අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු- ශ්‍රී ලංකා තාක්ෂණ අභ්‍යාස විද්‍යාලය අද සිසු අයිතියට

    අගෝස්තු 20, 2019

    ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ වෘත්තීය ජීවිතයට අත්වැලක් වෙමින් කොරියානු රජය විසින් ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් අද (20) කොරියානු ශ්‍රී ලංකා තාක්‍ෂණික අභ්‍යාස ආයතනය විවෘත කිරීමේ උත්සවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    ඔරුගොඩවත්ත මංසන්දියේ ඉදිකරන ලද මෙම වෘත්තීය පුහුණු අයතනය ඉදි කිරීම සදහා ඇමරිකානු ඩොලර් 11,571,581 ක මුදලක් වැය කරමින් ඉදි කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් කොරියානු රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කර ඇති මෙම තාක්ෂණික අභ්‍යාස අයතනය මගින් ලාංකීය තරුණ තරුණියන්ගෙ වෘත්තීමය ජීවිතය සදහා විශාල පිටුවලක් වනු ඇත.
    වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වන්නේ නිසි පුහුණුවක් නොමැති වෘතීයවේදීන් නොමැති වීමයි. මේ අභ්‍යාස අයතනය සුවිශේෂී වන්නේ මෙමගින් සිසුන් සදහා උගන්වනු ලබන සියලු පාඨමාලා නව වැඩ ලෝකයට ගැළපෙන පාඨමාලා වීමයි.
    මෙම උත්සව අවස්ථාව සදහා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා,රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා හා නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නිෙයාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගිවීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya