අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය සේවාව වැඩි දියුණු කිරිමට නව ගිවිසුමක් හෙට අත්සන් තබයි

    අගෝස්තු 19, 2019

    දුම්රිය සේවාව වැඩි දියුණු කිරිම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් ලබා දිමේ ගිවිසුමට හෙට (20) මුදල් අමාත‍්‍යාංශයේදි අත්සන් තබයි.


    ආසියානු සංවර්ධන බැංකුව විසින් දුම්රිය සේවාවන් දියුණු කිරිම සඳහා ඩොලර් මිලියන 160 ක් මුදල ලබා ගැනිම සඳහා හෙට(20) දිනයේ දි මුදල් අමාත්‍යාංශයේ දි අත්සන් තබන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(19) අරලිය ගහ මන්දිරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.


    වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා පැවසුවේ, මෙතරම් මුදලක් දුම්රිය සේවාවන් දියුණු කිරිම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දුන් මුල් අවස්ථාව බවයි.   මෙය ව්‍යාපෘති 32ක් සඳහා ලබා දෙන බව ඇමතිවරයා පැවසිය.

    පසුගිය මාස 6 තුළ දි දුම්රිය හා බස් රථ සඳහා තමා දැඩි අවධානයක් යොමු කළ බවත්, විශේෂයෙන් වැඩි ප්‍රමාණයක් දුම්රිය භාවිතා කිරිමෙන් මුල්‍යමය වශයෙන් වැඩි වාසියක් අත්වන බවත් පැවසිය.

    මෙහිදි මාතර - බෙලි අත්ත දුම්රිය මාර්ගය වැඩ අවසන් වි ඇති අතර,මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය දැනට දුම්රිය ගමන් කරන වේගයට වඩා පැයට කිලෝමිටර් 100 ධාවන වේගයකින් ධාවන කිරිමට  හැකිවනු ඇත. කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගයේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.එසේ ම පසුගිය කාලයේ දුම්රිය බලවේග කට්ටල් හා දුම්රිය එන්ජින් කට්ටල චිනයෙන් හා ඉන්දියාවෙන් ආනයන කර තිබේ.දුම්රිය පෙට්ටි 160ක් මිල දි ගැනිමට කටයුතු යොදා ඇත. මේ වන විට පැරණි දුම්රිය පෙට්ටි 200 ක් පමණ නිවිකරණය කිරිමට කටයුතු යොදා  තිබේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, වැඩි
    ප්‍රමාණයක් දුම්රිය මඟින් ප්‍රවාහන සේවය සඳහා යොදා ගැනිමයි.

     

    කැළණි වැලි දුම්රිය සේවය සඳහා දැනට ටෙන්ඩර් කැදවිම සඳහා ලිපි ලේඛන සකස් වෙමින් පවතින බව අමාත්‍යවරයා කීය.කොළඔ -රඹුක්ක දුම්රිය හා මුහුදුබඩ දුම්රිය සේවා සඳහා ශක්‍යතා වාර්ත
    සකස් වෙමින් පවති.
    මෙහිදි අදහස් දැක් වු මෙම ව්‍යපාතියේ අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසුවේ,
    මේ යටතේ ප්‍රධාන ව්‍යාපෘති කිහියක් ක්‍රියාවට නැංවෙන බවයි. දුම්රිය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරිම සදහා ව්‍යාපාති 3ක් ක්‍රියාත්මක වේ. මෙහි දි නව ක්‍රම 5ක් හඳුන්වා දිමට බලා පොරොත්තු වන බව ව්‍යපෘතියේ අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පවසයි.

     

    එනම්,දුරකතනය භාවිතා කිරිමෙන් (mobile)ටිකට් එක ගැනිම,දුම්රිය ස්ථානයේ කවුනටරයෙන් ටිකට් එක ලබා ගැනිම,සුවයංක්‍රිය යන්ත්‍ර මඟින්,අන්තර්ජාලයේ වෙබ් ඇප් ( web app) මඟින් හා කොමියුනිකේෂන් මඟින් ද ලබා ගැනිමට පහසුකම් සැලසෙන බවයි.මුදල් ගෙවිම් සඳහා මුදලින්, card මඟින්,easy cash, මගින් මුදල් ගෙවිම් කළ  හැකි බව ඒ මහතා කියයි.


    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන හා සන්නිවේදන එකකයේ අධ්‍යක්ෂ නිතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya