අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මෙහෙවර පියස" හෙට (20) ජනතා අයිතියට

    අගෝස්තු 19, 2019

    දිනෙන් දින ශීඝ්‍ර ලෙස වැඩි වන ශ්‍රම බලකාය වෙනුවෙන් ඒ අයගේ අවශ්‍යතාවයන් සඳහා ඵලදායි මෙන්ම විශිෂ්ට කාර්යක්ෂම සේවාවක්  ලබා දීමේ අපේක්ෂවෙන් ඉදි කළ "මෙහෙවර පියස" හෙට (20) ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

    2009 වර්ෂයේ දී ඉදිකිරීම් ඇරඹු මෙම කාර්යයාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 8500 කි (එනම් බිලියන 8.5 වේ). දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මෙම නව ගොඩනැගිල්ල මහල් 32 කින් සහ නවීන පහසුකම් වලින් සමන්විත වේ.


    කම්කරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කරන අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙන්ම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක්ද, මහල් 05 කින් යුතු රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරනු ලැබීය.

     මෙම මාධ්‍ය හමුව සඳහා කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී.ආර් රාජපක්‍ෂ සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර යන මහත්වරුන් ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya