අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 ජාතික සම්මාන උළෙල අගෝස්තු 19 වනදා

    අගෝස්තු 19, 2019

    මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ටයන්ව ජාතික සම්මානයෙන් පුදනු ලබන ජාතික සම්මාන 2019 උළෙල 2019 අගෝස්තු මස 19 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

    ජාතික සම්මානයෙන් ජාතියේ සම්මානයට පාත්‍ර කරනුයේ, මාතෘභූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම, දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයන්ය.

    විවිධ ක්ෂේත්‍රවල සිය අද්විතීය විශිෂ්ටත්වය ප්‍රකට කළ ඔවුන්ගේ පෞද්ගලික දායකත්වය අගයනු වස් මෙම සුවිශිෂ්ට සම්මාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රදානය කරනු ඇත. ජාතික සම්මානයෙන් පිදුම් ලබන ශ්‍රී ලාංකිකයන්ගේ නාම ලේඛනය ශ්‍රී ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේ.

    විවිධ ක්ෂේත්‍රයන් සදහා සිදුකළ උත්කෘෂ්ට මෙහෙවර අගයනු වස් මෙම සම්මානයන් මෙලෙස පුදදෙනු ලබයි.

    දේශමාන්‍ය - ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත්, සේවය සදහා උපහාර වශයෙන් ප්‍රදානය කෙරෙනු ඇත.

    දේශ බන්ධු - මෙය ජාතිය උදෙසා කරන ලද ප්‍රශංසනීය ස්වභාවයේ විශිෂ්ට සේවය වෙනුවෙන්ප්‍රදානය කෙරෙනු ඇත.
    විද්‍යා ජ්‍යොති - මෙය මුල් වරට ස්වාධීනව කරන ලද පර්යේෂණ මගින් ලබන ලද විශිෂ්ට විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ සදහා ප්‍රදානය කෙරෙනු ඇත.
    කලා කීර්ති - මෙය පර්යේෂණ සහ/ හෝ ප්‍රතිභාව උපයෝගී කොට ගෙන කලාව, සංස්කෘතිය, නාට්‍ය ආදී ක්ෂේත්‍ර වල ලබන දල සුවිශේෂී ජයග්‍රහණ සහ එම ක්ෂේත්‍රයන්ට කරන ලද එබදු
    සේවාවන් සදහා ප්‍රදානය කෙරෙනු ඇත.
    ශ්‍රී ලංකා ශිඛාමණි - මෙය සාමාන්‍ය ස්වභාවයකින් යුත් විශිෂ්ට සේවය සදහා ප්‍රදානය කෙරෙනු ඇත.
    විද්‍යා නිධි - මෙය ප්‍රශංසනීය විද්‍යාත්මක සහ තාක්ෂණික ජයග්‍රහණ සදහා ප්‍රදානය කෙරෙනු ඇත.
    කලා ශූරී - මෙය කලාව, සංස්කෘතිය, නාට්‍ය ආදියෙහි වර්ධනය උදෙසා කරන ලද විශේෂ සේවය සදහා මෙය ප්‍රදානය කෙරෙනු ඇත.
    ශ්‍රී ලංකා තිලක - මෙය සාමාන්‍ය ස්වභාවයේ ප්‍රශංසනීය සේවය සදහා ප්‍රදානය කෙරෙනු ඇත.
    වීර ප්‍රතාප - මෙය නිර්භීත ක්‍රියා සදහා පිරිනැමෙනු ඇත.
    ශ්‍රී ලංකා රත්න - මෙය ලාංකිකයන් නොවන පුද්ගලයන්ට ප්‍රදානය කෙරෙන මෙරට පළමු උසස්තම සම්මානය වේ. මෙය ජාතිය වෙනුවෙන් සිදුකල කැපීපෙනෙන සහ විශේෂ වූ සේවාව උදෙසා පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.

    ශ්‍රී ලංකා රන්ජන - මෙය ලාංකිකයන් නොවන පුද්ගලයන්ට ප්‍රදානය කෙරෙන මෙරට දෙවැනි උසස්තම සම්මානය වේ. එය විශේෂයෙන්ම ලංකාව සහ/ හෝ පොදුවේ මානව වර්ගයා උදෙසා කරන ලද ප්‍රශංසනීය ස්වභාවයේ විශිෂ්ට සේවය සදහා ප්‍රදානය කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya