අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු උතුරේ සියලු ධීවරයින්ට උසස් ප්‍රමිතියෙන් යුත්ධීවර යාත්‍රා නිෂ්පාදනය කර ලබාදෙනවා

    අගෝස්තු 19, 2019

    උතුරු පළාතේ ධීවර කර්මාන්තය නගාසිටුවීමේ වැඩපිළිවෙල යටතේ සිනොර් පදනමට අයත් යාපනය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාව කඩිනමින් විවෘත කර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉදිකිරීම් අවසන් කර ඇති කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම පිළිබද සොයාබැලීම සඳහා එහි සිදුකළ නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව උතුරේ ධිවරයින් අමතමිනි .

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරණ ලද කරෙයිනගර් යාත්‍රාංගණය අක්කර 1 රුඩ් 3 ක් විශාල භුමි ප්‍රදේශයක විසිරි ඇත .

    නොර්වේ ර‍ජයේ අනුග්‍රහය යටතේ 1967 වසරේදී පෞද්ගලික ආයෝජනයක් ලෙස ආරම්භ කර ඇති මෙම යාත්‍රාංගණය 1971 වසරේදී රජය සතු වුවකි . ඒ අනුව එහි කළමනාකාරිත්වය සිනොර් පදනම වෙත පවරා දී තිබේ .

    ඉහළ වෙළද පළ ඉල්ලුමක් සහිතව එහි නිෂ්පාදන ධීවර ජනතාව අතර ප්‍රචලිත වී තිබු බවත් 1977 වසරට පෙර මෙම යාත්‍රාංගණයේ නිෂ්පාදන ක්‍රියාවලිය ලාභදායි බව සංඛ්‍යාලේඛන අනුව පැහැදිළිය .

    නමුත් 1983 වසරේ සිට මෙම කරෙයිනගර් යාත්‍රාංගණයේ නිෂ්පාදන කටයුතු අඩාල වුයේ පැවතී යුධමය තත්වය හේතුවෙනි . යුද්ධය අවසන් වීමෙන් පසු කරෙයිනගර් යාත්‍රාංගණය අලුත්වැඩියා කිරීම සහ ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කළේය .

    ඒ අනුව කරෙයිනගර් යාත්‍රාංගණයේ ප්‍රතිනිර්මාණය කර එහි භාරකාරත්වය නැවත 2018 වසරේදී සිනොර් පදනම වෙත පවරණ ලදී . මෙම සංවර්ධන කටයුතු සදහා රජය වැය කල මුදල රුපියල් මිලියන 265 කට අධිකය .

    මෙම යාත්‍රාංගණය ලබන මාසයේදී විවෘත කර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි යාත්‍රාංගණයේ නිරීක්‍ෂණ චාරිකාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය .

    යාත්‍රාංගණය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාව උතුරේ ධීවර ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුහ . යාත්‍රාංගණයේ සියළු ස්ථාන පෞද්ගලිකවම නිරීක්‍ෂණය කර එවන් කටයුතු පිලිබදව සොයාබැලූ රාජ්‍ය අමාත්‍යවරයා පැමිණ සිටි ධීවර ජනතාවගේ අවශ්‍යතා පිළිබද වැඩි අවදානයක් යොමු කරමින් එම අවශ්‍යතා සපුරාලීම සදහා ගත යුතු උපදෙස් ලබා දුන් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, උතුරේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය ධීවර උපකරණ වැඩි විශ්වාසදායි ලෙසත් , උපරිම සාධාරණ මිල යටතේ උසස් ප්‍රමිතීන් යටතේ සිනොර් පදනමෙන් ලබාගැනීමේ පහසුකම් සලසන බවය .

    එසේම නව යාත්‍රාංගණයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමග තම ධීවර අම්පන්න ලබාගැනීමට සිනොර් පදනම කෙරෙහි විශ්වාසය තබන්නැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya