අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙළුම්වැව ලංකාපුර රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කෙරෙති

    අගෝස්තු 19, 2019

    “පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දිස්ති‍්‍රක්කයේ ආගමික පුනර්ජීවනය අරමුණු කර ගනිමින් ඉදිකරන ලද වැලිකන්ද, මොණරතැන්න ශ‍්‍රී ධර්මවිජයරාම විහාරස්ථානයේ අභිනව සංඝාවාස ගොඩනැඟිල්ල සහ නෙළුම්වැව ලංකාපුර රජමහා විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින්  (18) පස්වරුවේ සිදු විය.

    පළමුව මොණරතැන්න ශ‍්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කරනු ලැබීය.

    නව සංඝාවාස ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 05 කි.
    මෙම අවස්ථාව සංකේතවත් කරමින් විහාරස්ථාන පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විහාරාධිපති පූජ්‍ය සේරුපිටියේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය සහ ප‍්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    එම ජනතාවගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.

    පොළොන්නරුව, නෙළුම්වැව ලංකාපුර රජමහා විහාරයේ රුපියල් මිලියන 02ක් වැය කරමින් ප‍්‍රතිසංස්කරණය කරන ලද නව සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා වෙත විහාරාධිපති පූජ්‍ය මැටිබැඳිගේ චන්ද්‍රවිමලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

    සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න, සුරේන් රාඝවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya