අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය නංවාලීමට ගනු ලැබූ පරිශ්‍රමයේ ප්‍රතිඵල ඉදිරි වසර දෙක තුළ දැකගත හැකියි

    අගෝස්තු 18, 2019

    කර්මාන්ත ශාලා ඉදි කරමින් රටේ ආර්ථිකය නංවාලීමට ගනු ලැබූ පරිශ්‍රමයේ ප්‍රතිඵල ඉදිරි වසර දෙක තුළ සියලු දෙනාට ම දැකගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය මතුගම වැලිපැන්නේ ඉදි කරන ලද මහෙන්ද්‍රා අයිඩියල් ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරිමේ කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් අනතුරු ව (17) එහි පැවති උත්සව සභාව අමතමිනි. තම දේශපාලනය බිඳ වැටීමට ඉඩ නො දුන්නා සේම රටේ ආර්ථිකය කඩා වැටීමට තමන් ඉඩ නොතබන බවද මෙහි දී පැවසූ වික්‍රමසිංහ මහතා කොතරම් ආර්ථික බරක් රටට තිබුනත් ගත වූ අවුරුදු හතර පුරාවට ඒ සියලු බර සියලු බර කර දරාගෙන ඉදිරියට ගිය බවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු වත් රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදුන් බව ද කීය .

    අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය .
    අපි අමාරු කාල සීමාවන් පසු කලා .ණය බර ප්‍රශ්න ,නියඟය ,බෝම්බ පිපිරීම් ආදී අසීරුතා සියල්ලටම අපි මුහුණ දුන්නා .දැන් අපි රටේ ආර්ථිකය ආරක්ෂා කර ගෙන තිබෙනවා .ඉදිරි අවුරුදු පහ තුළ දී අපට උවමනා ප්‍රතිඵල ලබා ලබා ගැනීමට හැකියාව තිබෙනවා .අපි තව පිම්මක් අරගෙන ඉදිරියට යන්න ඕනෑ .නැතිනම් වැටි පහළට යන්නයි වෙන්නේ .මගේ විශාල විශ්වාසයක් තිබෙනවා මේ පිම්ම හදාගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා . බෝම්බ ප්‍රහාරයෙන් පසු මාස දෙක තුනක් අඩපණ වී තිබූ රටේ ආර්ථිකය දැන් සාමාන්‍ය තත්වයට පත්වී ඇති බවත් සඳහන් කළ අගමැතිවරයා සැප්තැම්බර් ඔක්තෝබර් මාස වන විට සංචාරකයින්ට හෝටල් කාමර සොයා ගැනීම ට අපහසු තත්ත්වයක් උදා වනු ඇති බවත් සංචාරකයින්ගේ පැමිණීම දැන් විශාල ලෙස වැඩිවී ඇති බවත් කීය . ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් රංජිත් සිං සන්ධු ඒ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සමාගමේ සභාපති නලින් වෙල්ගම,mahindra මෝටර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පවන් ගොඑන්කා, අපි යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya