අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පරපුර වෙනුවෙන් මම කැප වුණා - අගමැති කියයි

    අගෝස්තු 18, 2019

    ''අපි තරුණ හඩට ඇහුම්කන් දිය යුතුය කාලය පැමිණ ඇතැයි'' අගමැති රනිල් වික්‍රමසිංහ මහතා (17)දින තරුණ තරුණියන් ස්වේච්ඡා සේවය සඳහා දිරිමත් කර ඔවුන්ට ජාතික මට්ටමේ ඇගයීමක් ලබා දිමට සඳහා ශ්‍රි ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය සඳහා වු වැඩසටහන එළි දැක්විමේ උත්සවයට එක් වෙමින් අලියගහ මන්දිරයේ දි පැවසිය.

    ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමිව පැවැති මෙම උත්සවයේ දි වැඩි දුරටත් අදහස් දැක් වු අගමැතිවරයා සඳහන් කළේ,1979 දි යෞවන සමාජ ඇති කර,තරුණ සේවා සමාජ ඇති කිරිමෙන් තරුණ තරුණියන්ට ඉදිරියට ඒමට අවස්ථාව සැලසු බවයි.

    වැඩිදුරටත් අදහස් දැක් වු අගමැතිවරයා,වර්තමානයේ දි අපි 2015 දි මෙය තරුණ සමාජ එක්තු කරලා ශක්තිමත් ව්‍යාපාරයක් බවට මෙය පරිවර්තන කරලා තියෙනවා.අපි දැන් එතැනින් එන පනිවිඩයට එකතු වෙන්න සිදු වෙලා තිබෙනවා.දැන් 1978 දි සිට පැමිණි රාමුවෙන් පිටතට ඇවිත් එය වෙනස් කල යුතු කාලය පැමිණ තිබෙනවා.2015 දි අපි ආණ්ඩුවක් ලබා ගත්තා .එය තනි ආණ්ඩුවක් නෙමෙයි.පක්ෂ ගණනාවකින් සැදුම්ලත් එකක්.අපි තිරණය කලා නිදහස හා සංහිඳියාව ඇති කරන්න. මේ කාලෙ දි අපි සම්පුර්ණයෙන් ම නිදහස තහවුරු කලා.බියකින්,සැකයකින් තොරව ජිවත් වන්න.සිංහල,දෙමළ,මුස්ලිම් ජාතින් වශයෙන් නොබෙදි අපේ මේ තරුණ තරුණියන් ශ්‍රි ලාංකිකයන් ලෙසින් අපි පිළිගත්තා. දැන් ඔබට උවමනා අලුත් රට දැන් බිහි කරන්න අවශ්‍යයි.කොහොමද ඒක කරන්නේ කවුරුද ඒක කරන්නේ? අන්න ඒවා තමයි අපිට තියෙන ප්‍රශ්න.මොකද්ද ඒකට තියෙන ක්‍රම වේදය ?අපි මුහුණු මාරු කරනවද?මෙම ක්‍රමවේදය වෙනස් කරලා අපි ඉදිරියට යනවද?මේ ක්‍රමවේදය ගැන මම ගොඩක් හිතුවා.ඇයි අපිට ඉතා වේගයෙන් දියුණු වෙන්න බැරි? මම පොඩි කාලේ අපිට ඉස්සරහින් හිටියේ ජපානය විතරයි.

    දැන් අපිට පස්සෙන් තියෙන්නේ ඇෆ්ගනිස්ථානය විතරයි.මොකද්ද ලංකාවට වුණේ?ඇයි අපිට දියුණු වෙන්න බැරි වුණේ?අපේ දේශපාලනය නිසාද? ඔව්.ඒක අපි පිළිගන්න ඕන.අපිට ජාතික ප්‍රතිපත්ති තියෙනවද?යුරෝපා රටවල කවුරු ආවත් ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැ. ඇයි අපිට අවුරුදු 30 ක යුද්දයක් ඇති වුණේ?ඇයි පාස්කු ඉරිදා බෝම්බයක් දැම්මේ?ඒ බෝම්බේ දැම්මට පස්සේ වැඩිහිටියන් කිව්වා දැන්නම් අපි වෙනස් කරන්න ඕන.සමහරු කිව්වා 225 ම ගහලා පන්නන ඕන කියලා.මට නම් තේරුනේ මේ ක්‍රමය වෙනස් කරන්න එන්න කියන එක.නැත්තම් විසඳුමක් නැ.මමත් ඉන්නේ ඒ වෙනස ඇති කරන්න ඕන කියන තැන.

    ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම මම කරන්න ලැස්තියි.මම දේශපාලනයට ගියේ නැත්නම් මට හම්බ කරන්න තිබ්බා.ඒත් එදා ඉදන් මම තරුණ පරපුර වෙනුවෙන් කාලය යෙ‍දෙව්වා.අධ්‍යාපන ඇමති ලෙස අලුත් ක්‍රමයක් ඇති කලා.අගමැති වෙලා ආපහු බාර ගත්තේ තරුණයන් ඉදිරියට ගේන්න.අලුත් අධ්‍යාපන ක්‍රමයක් තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ගේන්න.හොඳ සෞඛ්‍ය ක්‍රමයක් හඳලා දෙන්න.ඒ ඔක්කෝටෝම වඩා ගිය ආණ්ඩුව ගත්ත ණය ඔය පරාම්පරාවට දෙන්නේ නැතුව අපේ ජිවිත කාලෙ දි ගෙවලා දාන්න විරිය කලේ.ඒ වැඩ කටයුත්ත වෙනුවෙන් මම කැප වෙලා හිටියේ.ආපහු සිංහල ,මුස්ලිම් ,දෙමළ කියලා සටන් කරවෙන් නැතුව ඉදිරියට යන්න.දැන් අපි බලන්න ඕන ඔබට අවුරුදු 50-60 හොඳින් ජිවත් වන ක්‍රමයක් ඇති කරන්නේ කොහොමද? කියලා.අපි එකතු වෙලා වෙනස කරමු යන්නේ පැවසීය.
    මෙම අවස්ථාවට එක් වු ජාතික රුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා අදහස් දක්වමින් පැවසුවේ, මෙම තරුණ තරු‍ණියන් සමාජය උදෙසා කරන්නා වු විවිධ ස්වෙච්ඡා වැඩ මේ වන තෙක් අගයිමකට ලක් නොවුණු අතර ඒ වෙනුවේ ''යුතුකම '' ලෙසින් ජාතික ප්‍රඥප්තියක් එළි දක්වන බවයි.මෙහිදි විශ්ව විද්‍යාල ප්‍රවේශය,රැකියාවක් සඳහා ඉල්ලුම් කිරිමේ දි හා ජාත්‍යන්තර මට්ටමක දි ප්‍රම්ඛත්වය ලැබෙන බවයි. දියුණ් රටවල් වල මෙවැනි දෙවල් අනු ගමනය කරන බවයි.

    ජාතික තරුණ සේවාව මේ වනවිට විශාල කාර්යයක් ඉටු කර ඇතැයි පැවසු සභාපතිවරයා යේවන සම්මාන උළෙ ,කෙටි නාට්‍ය උළෙල,යොවුන් පුරය,බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය යනාදි විවධ ක්ෂේත්‍ර නැවතත් ක්‍රියාත්මක වන බවයි. මෙම උත්සවය අවසානයේ දි ජාත්‍යන්තර තර්ණ දිනය සැමරිමට සමහාමිව අරලිය ගහ මන්දිරයේ සිට විහාරමහා දේවි උද්‍යානය දක්වා , ස්වෙච්ඡා සේවයේ ඇති වැදගත්කම හා ඒ පිළිබඳ
    ධනාත්මක අදහස් ඇතුළත් පුවරු රැගත් නිහඬ පාගමනක් හා පැළ සිටු විමේ වැඩසටහනක් ද පැවැත් වේ.සන්ධ්‍ය කාලයේ දි සංගිත ප්‍රසංගයක් ද පැවැත් විට කටයුතු යොදා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya