අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙල - අගෝස්තු 19 දා

    අගෝස්තු 18, 2019

    නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ,රාජ්‍ය ජායාරූප උපදේශක සභාව එක්ව සංවිධානය කරන “ ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙල - 2019 ” අගෝස්තු මස 19 දින ප.ව. 2.00 ට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

    මෙම උළෙලේදී ජායාරූප ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතම ජායාරූප ශිල්පීන් සඳහා ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන “ජායාරූපාභිමානි” ගෞරව රාජ්‍ය සම්මානය ප්‍රවීන ජායාරූප ශිල්පීන් වන ගාමිණී ජයසිංහ සහ පී.යූ.ඩී. පෙරේරා යන මහත්වරුන් වෙත ප්‍රදානය කිරීම සිදු කෙරේ. ජායාරූප ශිල්පය පිලිබඳ වටිනා ලිපි ඇතුලත් වාර්ෂික රූපාවලෝකන ප්‍රභාලේඛක සාර සංග්‍රහය - 2019 එළි දැක්වීමද මෙදින සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    දෘෂ්‍ය සංස්කෘතිය හා ජායාරූපය අතර සම්බන්ධය යන මැයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්භ කලා අධ්‍යයනාංශයෙහි කථීකාචාර්ය උපුල් ජයන්ත රණේපුර මහතා මෙහිදී විද්වත් දේශනය පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙලට සමගාමීව Canon, Fuji film, Sony, Nikon, අනුග්‍රහයෙන් නව තාක්ෂණය හඳුන්වා දීමේ “ BRIGHT EXPOSURE’ 19 ” ප්‍රදර්ශණය අගෝස්තු 23, 24, 25 යන දිනයන්හි පෙ.ව.10.00 - ප.ව. 6.00 දක්වා ජේ.ඩී.ඒ. පෙරේරා අනුස්මරණ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    මෙහිදී 2016, 2017, 2018 රාජ්‍ය ජායාරූප උළෙල තරඟයන්ගේ සම්මානිත ශිල්පීන්ගේ නව සේයා රූ ඇතුළත් ප්‍රදර්ශනය හා ජායාරූප ශිල්පය සහ කලාව පිලිබඳ උනන්දුවක් දක්වන් පාසල් සිසුන් සහ නවක ශිල්පීන් ඉලක්ක කරගනිමින් වැඩමුළු සහ දේශන රැසක් ද පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya