මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය ඇරඹේ

    අගෝස්තු 18, 2019

    ශ්‍රී ලංකා වෛදය සභාව මගින් තාවකාලික ලියාපදිංචිය ලබාදීමෙන් පසු සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ අයදුම්පත් කැදවීමේ කටයුතු අගෝස්තු 16 වනදා සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කරයි.

    මෙම සීමාවාසික පත්වීම් කැදවීම සහ ලියාපදිංචි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිදුකරන අතර, 1300 කට අධික පත්වීම් ප්‍රමාණයක් ලබාදීම වෙනුවෙන් මෙහිදී අයදුම්පත් කැදවීමට නියමිතය. 2019 වසරේදී ප්‍රධාන ධාරාවේ සමත් සිසුන් ඛාණ්ඩයට පත්වීම් ලබාදෙන්නේ දේශීය රාජ්‍ය විශ්ව විද්‍යාල සියල්ලම ආවරණය වන පරිදිය.

    රජයේ වෛද්‍ය විද්‍යාල වල අවසන් වසර විභාගයන් සියල්ල නිමාවීමෙන් පසු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිල ප්‍රතිඵල ලේඛණ, සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබී තවමත් ගතවී ඇත්තේ දින කිහිපයක් වන අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ සමස්ථ වෛද්‍ය පීඨයන්ගේම ප්‍රතිඵල ලේඛණ ලැබෙනතුරු පත්වීම් ලබාදීමේ ක්‍රියා පටිපාටිය සිදු නොවන බවයි. එමෙන්ම මෙහිදී කිසි විටකත් එක් කණ්ඩායමකට පමණක් පත්වීම් ලබාදීම හෝ ලේඛණ සැකසීමක් සිදුනොවේ.

    පසුගිය සතියේදී වෛද්‍ය ශිෂ්‍යයන් බදවාගැනීමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් කර ඇත. මූලික රෝහල් ඇතුළුව සියලුම ප්‍රධාන රෝහල් වෙත මෙම සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබන්නන් යොමු කිරීමට නියමිත අතර, අයදුම්පත් කැදවා ලියාපදිංචි කටයුතු සිදුකර සති දෙකක් ඇතුළත මෙම නව පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya