මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්

    අගෝස්තු 18, 2019

     රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

    සමරු ඵලකය නිරාවරණය කර කාර්යාල පරිශ‍්‍රය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය.

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කාර්යාල පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්.ඞී. ඒකනායක යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් ද, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනි නිලුකා ඒකනායක, සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල් රුවන් පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya