මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී තනතුරට අභ්‍යාසලාභීන් 850ක්

    අගෝස්තු 17, 2019

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී තනතුරට අභ්‍යාසලාභීන් 850ක් බදවා ගැනීමේ ගැසට් නිවේදනය අගොස්තු 30 ප්‍රකාශයට පත්කෙරේ.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ 2019 වර්ෂය සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී තනතුරට අභ්‍යාසලාභීන් 850ක් පමණ බදවා ගැනීමට අදාල ගැසට් නිවේදනය 2019.08.30 දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මීට පෙර සදහන් කළ දිනය වන අගෝස්තු 23 ගැසට් නිවේදනය නිකුත් නොවන අතර නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය අගෝස්තු 30 දක්වා කල් දමා තිබේ.

    මේ පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාපේම මහතා ප්‍රකාශ කරනුයේ මෙම තනතුර සදහා 2015, 2016 සහ 2017 යන වර්ෂ වලදී අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික
    විද්‍යාව, කෘෂි විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයන් අතරින් විෂයන් 03ක් එක් වරකදී සමත් වූවන්ගෙන් අයදුම්පත් කැදවීමට නියමිත බවයි. මෙවර විද්‍යුත් මාධ්‍යයෙන් අයදුම්පත් යොමු කළ යුතු බැවින්, ඒ සදහා මෙම අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය (www.health.gov.lk) ඔස්සේ අයදුම් කළ යුතුය. අගෝස්තු 30 දින ගැසට් නිවේදනය නිකුත් වීමෙන් අනතුරුව විද්‍යුත් ක්‍රමයට අයදුම් කිරීමේ පහසුකම ලැබේ. සැප්. 20 දින අයදුම් කළ හැකි කාලය අවසන් වේ. විද්‍යුත්
    මාධ්‍ය ක්‍රමයෙන් (On-line) පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අභ්‍යාසලාභීන් බදවා ගැනීම ප්‍රථම වරට සිදුකරන අවස්ථාවද මෙය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya