අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාම්පුතුන් බලෙන් රඳවාගත් විගමණික කාන්තාවන් 15ක් ගෙන්වා ගැනේ

    අගෝස්තු 17, 2019

    සෞදි අරාබි රාජ්‍යයේ සේවය කරමින් සිටි, තම සේවා කාලය ඉක්මවා තිබියදි හාම්පුතුන් විසින් බලෙන් රඳවාගෙන සේවය ලබා ගෙන තිබූ විගමණික ශ්‍රමික කාන්තාවන් 15 දෙනෙකු පසුගිය 14 දින විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලද බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

    මෙම කාන්තාවන්ට සේවා ස්ථානයෙන් වැටුප් නොගෙවීම් සහ බලෙන් රඳවාගැනීම ආදී ගැටළු වලට මුහුණපෑමට සිදුවී ඇති හෙයින් අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞදි අරාබි රාජ්‍යයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම විගමණික ශ්‍රමිකයින්ගේ ගැටළු විසදීමට මාෂා නම් වූ පොලිස් සුබසාධක මධ්‍යස්ථානයේ රඳවා තබා ලැබිය යුතුව තිබු සෞදී රියාල් 409353.00 ක (රු.19,382,000.00) හිඟ වැටුප් හා එරට රජයෙන් ටිකට්පත් ද ලබාදී මෙම සේවක මහත්මීන් මෙරටට එවා ඇත.

    ඔවුන්ට මෙම මුදල ලබා දීමට හැකිවූයේ ඔවුන් විදේශගත වීමේදී නිසි පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත් බැවිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya