මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

    අගෝස්තු 16, 2019

    මහනුවර පල්ලෙකැලේ පිහිටි පළාත් ආයුර්වේද රෝහල සඳහා අභිනවයෙන් ඉදිකළ නව වාට්ටු සංකීර්ණය ඊයේ (15) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණු බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    රුපියල් මිලියන 108ක වියදමින් ඉදිවූ මෙම නව වාට්ටු සංකීර්ණය මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන ආයෝජන යටතේ ඉදිකරනු ලැබ ඇත.

    මෙතෙක් පළාත් ආයුර්වේද රෝහල සදහා පැවතියේ ඇදන් 100ක් වන අතර මෙම නව වාට්ටු සංකීර්ණය කාන්තාවන් සදහා ඇදන් 50ක් හා පිරිමින් සදහා ඇදන් 50ක් වශයෙන් නව ඇදන් 100 කින් සමන්විතව ස්ථාපනය කර ඇත. මේ හේතුවෙන් රෝහල තුළ ඇදන් සදහා පැවති තදබදය අඩු වන අතර ඇදන් 200කින් යුත් අෂ්ඨාංග ආයුර්වේදය පිහිටවනු ලබන එකම රෝහල බවට මෙම රෝහල පත්වනු ඇතැයි මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya