මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ බුද්ධිය වර්ධනය වන ගුණාත්මක දේ ලබාදීම මාධ්‍යයේ වගකීමයි

    අගෝස්තු 16, 2019

    වර්තමානයේ මාධ්‍ය ජනතාවගේ බුද්ධිය වර්ධනය වන ගුණාත්මක දේ වෙනුවට තාක්ෂණය යොදාගෙන අර්ථ ශුන්‍ය දේවල් ඉදිරිපත් කරමින් ජන විඥාණය සකස් කිරීමට පටන්ගෙන තිබීම රටේ සංස්කෘතිය දේශපාලනය හා ආර්ථිකයේ කඩා වැටීම් වලට ප්‍රබල හේතුවක් වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

    මේ නිසා මනුෂ්‍යත්වය සමාජයෙන් තුරන් වී යන බවත් එබැවින් මෙම කණගාටුදායක තත්වය නැති කිරීම සදහා රජය මැදිහත් වී යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙන බවත් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ජනමාධ්‍ය සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

    ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී අද(16) මෙම උත්සවය පැවැත්විණි.

    මෙහිදී තවදුරටත් කතාකළ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා මේ වන විට රූපවාහිනිය,පුවත්පත්,ගුවන් විදුලිය ඉක්මවා යමින් සමාජ මාධ්‍ය පෙරට පැමිණ තිබෙන බවත් සාම්ප්‍රදායික පාඨක ජනයා මෙම නව මාධ්‍ය වෙත සීඝ්‍රයෙන් ඇදීගෙන යන බවත් කීය.

    එබැවින් මෙම නව මාධ්‍ය වෙත ඇදී යන ජනතාව තුළ උසස් ගුණාත්මක අදහස් ඇති කිරීම මාධ්‍ය වේදියාගේ යුතුකම සහ වගකීම බවද ආචාර්ය වීරසිංහ මහතා තවදුරටත් පැවැසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ජනතාවගේ අදහස් හා ආකල්ප වෙනස් කිරීමෙන් රජයේ සංවර්ධන කටයුතු ජනතාව අතරට ගෙනයාමෙන් මාධ්‍ය වේදින්ගේ කාර්යයක් බව කීය.

    මෙරටට සත්‍ය විමසා බලා තීරණ ගන්නා ජනතාවක් අවශ්‍යයි.ජාතිවාදී අදහස් වලින් නොව ජනතාවට නිසි මග පෙන්වීම මාධ්‍යවේදියාගේ වගකීමයි.සමාජයට සත්‍යය පෙන්වා දෙන ගුණාත්මක ප්‍රබුද්ධ මාධ්‍යවේදීන් බිහි කිරීමට අද ආරම්භ කළ මෙම පාඨමාලාව හේතුවනු ඇතැයි මා බලාපොරොත්තු වනවා” යැයිද ලේකම්වරයා කීය.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව,පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya