අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වසර සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීම අද ඇරඹේ

    අගෝස්තු 16, 2019

    රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේහට 2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම 2019 අගෝස්තු 16 වැනිදා සිකුරාදා  අද  නිල වශයෙන් ඇරඹේ.

     අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්   පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පැවැත්වේ.

    2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සමස්ත පාසල් දරුවන්ට 2020 වසර සඳහා පෙළ පොත් ලබාදීම හා ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

    නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරයි. පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතය.

    පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54ක් පිරිනැමේ. 1සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගේ පෙළපොත් සහ 12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි පෙළ පොත ද මේ පොත් වර්ග 448 අතරට අයත් ය.

    සියලුම ජාතින පාසල් හා සිසුන් 1500ට වැඩි පළාත් පාසල් වෙත සෘජුවම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පෙළපොත් හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සපයනු ලබයි. රට පුරා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා තෝරාගත් පාසල්වල ස්ථාපිත කරන බෙදාහැරීමේ මධ්‍යස්ථාන 1175 වෙතින් සෙසු සියලු පාසල් සඳහා පෙළපොත් හා ගුරුමාර්ගෝපදේශ සංග්‍රහ සපයන බව අධ්‍යාපන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya