මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාභාවික විපතින් පීඩවට පත් පවුල් 367සඳහා වන්දි මුදල් ප්‍රදානය කරයි

    අගෝස්තු 16, 2019

    පසුගිය ජූලි මස 22 සහ 23 දෙදින ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු  කෙරිණි.

    පසුගිය ජූලි මස 22 සහ 23 දෙදින ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් අක්මීමණ, බෝපේ පෝද්දල, ඉමදුව, හබරාදුව, කරන්දෙණිය, වැලිවිටිය දිවිතුර හා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි විපතට පත්වූ පවුල් 367සඳහා (15) දින රුපියල් 3,499,930.00ක් වටිනා චෙක්පත් අමාත්‍යවරයාගේ සුරතින් ප්‍රදානය කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ද සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya