අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ළඟම පාසල හොඳම පාසල”යටතේ නව ඉදිකිරීම් කිහිපයක් සිසු අයිතියට

    අගෝස්තු 16, 2019

    ''ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් කිහිපයක් සහ යක්කලමුල්ල නබදව මධ්‍යමහා විද්‍යාලයේ නව ඉදිකිරීම් කිහිපයක් සිසු අයිතියට පත් කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

    වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ ලක්ෂ 300 වියදමින් ඉදිකල තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල , පරිපාලන ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය එදින සිසු අයිතියට පත් කෙරිණි.

    එමෙන්ම නබදව මධ්‍යමහා විද්‍යාලයේ ලක්ෂ 100ක් වියදමින් ඉදිකල ප්‍රාථමික විද්‍යාගාර ගොඩනැගිල්ල ඇතුලු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් වුයේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

    මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන බන්දුල ලාල් බන්ඩාරිගොඩ මහතා ,විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ .

    DMU/Galle

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya