අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ගොවින්ට වගා හානි වන්දී පිරිනැමේ

    අගෝස්තු 16, 2019

    මාතලේ දිස්ත්‍රික්කයේ වගා හානි සිදුවු ගොවි පවුල් 1046ක් වෙනුවෙන් වගා හානි වන්දි පිරි නැමීම 2019.08.20 දින පෙ.ව 8.30ට මාතලේ ‌හෝටල් පාසැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    මෙහිදී ලක්ෂ 240ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට නියමිතය. කෘෂිකර්ම වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් වන්දි ප්‍රදානය සිදුකෙරේ.

    වී, ලොකු ළුෑණු, සෝයා, බඩ ඉරිගු හා මිරිස් යන භෝගයන් සදහා වගාහානියකදී කිසිදු රක්ෂණ මුදලක් ගෙවිමකින් තොරව අක්කරයකට රු. හතළිස් දහසකට උපරිමයකට යටත්ව වන්දි ප්‍රදානය කෙරේ. මීට පෙර වගා හානි වන්දි මුදල් ලබාගැනීමට රක්ෂණය වීම අනිවාර්ය වුවත් වර්තමානයේ රජය විසින් ඉහත භෝග පහ වෙනුවෙන් කිසිදු රක්ෂණ මුදලක් අය නොකොට වගාහානි ප්‍රදානය කෙරේ. 2018 වර්ෂයේ යල කන්නයේ සිදුවු වගා හානි වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය සිදුකෙරේ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya