අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " සරුතුරුලියගම" , " සොබානිල්ලගම" , " සාරහරිතගම " ජනතා අයිතියට

    අගෝස්තු 15, 2019

    2025 "සැමට සෙවන" උදාගම්මාන 20,000 සංකල්පය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරම⁣ය - රන්දුනුවත්ත ඉදිවු 249 " සරුතුරුලියගම" , 250 " සොබානිල්ලගම " හා 251 "සාරහරිතගම" නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා විසින් අද (අගෝස්තු 15 ) ජනතා අයිතියට පත්කෙරේ.

     

    " සරුතුරුලියගම" , " සොබානිල්ලගම" , " සාරහරිතගම " ඉදිවිම මගින් පවුල් 71 කට නිවාස හිමිකම් ලබාදීම, ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම්, ප්‍රවේශ මාර්ග සහිතව නව ගම්මානය ජනතා අයිතියට පත් කරයි.

    මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස, ඉකිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

    සරුතුරුලියගම" ආදර්ශ ගම්මානයේ පවුල් 24 කට නිවාස හිමිකම ලබාදීම , "සොබානිල්ලගම " ආදර්ශ ගම්මානයේ පවුල් 23 කට නිවාස හිමිකම ලබාදීම , " සාරහරිතගම " ආදර්ශ ගම්මානයේ පවුල් 24 කට නවාස හිමිකම් ලබාදීම , සංවර්ධිත බිම් කොටස් 71 ක හිමිකම් ලබාදීම, ( වටිනාකම රු .532.5 ), ප්‍රතිලාභීන් 75 ක් සදහා " විසිරි ණය " චෙක්පත් ප්‍රදානය ,(වටිනාකම රු .ලක්ෂ 150 ), " ශිල්ප සවිය" පුහුණුලාභීන් 53 ක් සදහා ප්‍රතිලාභ ලබාදීම .( වටිනාකම රු .ලක්ෂ 265 ) , "නිපුන සවිය " වැඩසටහන යටතේ පාසල් ළමුන් සදහා පොත් කට්ටල ප්‍රදානය , නිවාස සමිතිය සදහා පුටු ප්‍රදානය , වකුගඩු රෝගී සායනය හා දේශීය වෛද්‍ය සායනය , දෘෂ්ඨි ආබාධ සහිතවුවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය ආදි වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වේ .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya