මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම ජල්තර නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    අගෝස්තු 13, 2019

    හෝමාගම, රණාල, ජල්තර ප්‍රදේශයේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ඉදිකළ “සැමට සෙවන ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීම ඊයේ (12) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 1900 ක් වැය කරමින් ඉදිකර ඇති මෙම නිවාස සංකීර්ණය නිවාස 350 කින් සමන්විත වන අතර අභ්‍යන්තර මාර්ග පද්ධති, වාහන නතර කිරීමේ පහසුකම්, ශරීර සුවතා මධ්‍යස්ථාන, වෛද්‍ය මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පිහිනුම් තටාකාංගන හා සුපිරි වෙළෙඳසැල් යන පහසුකම්වලින් ද සමන්විත වේ.

    මෙම අවස්ථාවට මහා සංඝ රත්නය, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරංග වැලිඅංගේ ප්‍රමුඛ දේශපාලනඥයින්, හෝම්ලෑන්ඩ් ස්කයිලයින් සමාගමේ සභාපති නලින් හේරත්, රාජ්‍ය නිලධාරීහු ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya