අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීන් 950 දෙනකු වෙනුවෙන් මිලියන 140ක වන්දි මුදලක්- "වී මිළ ඉහළට - අමාත්‍ය පී. හැරිසන් "

    අගෝස්තු 13, 2019

    වී මිල රුපියල් 5කින් වැඩිකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා කුරුණෑගල වගාහානි වන්දි මුදල් ප‍්‍රදානයට එක්වෙමින් පැවැසීය.

    අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වගා හානිවූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    රුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා කීය.

    ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගනනාවකින් වී මිල සංශෝධනය වී නැතිබවත් ඒ අනුව සංශෝධිත මිළට අදාලව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය..  කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගොවීන් 950 දෙනකු වෙනුවෙන් මිලියන 140ක වන්දි මුදල් මෙහිදී අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රදානය කෙරිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya