මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    අගෝස්තු 12, 2019

    දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය  තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වාද, උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. (40-50) දක්වා ද ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතී.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya