අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ මහ රෝහලේ ශල්‍යාගාරවලට අලුතින් මධ්‍යම වායු සමීකරණය පද්ධතියක්

    අගෝස්තු 12, 2019

    ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය මධ්‍යම වායු සමීකරණය පද්ධතියක් අලුතින් සවිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 550ක මුදලක්  ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත. 

    මෙම රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අක්‍රීයවීම මත පසුගිය 07දා සිට ශල්‍යාගාර 06 ම වසා දැමීමට සිදු ව ඇති අතර මින් රෝගීන්ට දැඩි අපහසුතාවකට පත් වීමට සිදුව තිබිණි. 

    වසර 20ක් පමණ පැරණි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය දිගින් දිගටම අක්‍රීයවීම සම්බන්ධයෙන් රෝහලෙහි පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුවීමෙන් පසුව නව වායුසමීකරණ පද්ධතියක් සවිකිරීම පිණිස ඊයේ (08) ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇති බව ගම්පහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය. 


    මේ අනුව බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් වායුසමීකරණ පද්ධතිය මිලදී ගැනීම, ප්‍රසම්පාදනය ක්‍රියාවලිය යටතේ සිදු කරනු ඇති බව ද රෝහල්  අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    DMU-Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya