අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හජ් දින පණිවුඩය- රටේ පවතින දුෂ්කර තත්ත්වය,අසීරු වාතාවරණය තුරන් වී ජාතීන් අතර අවබෝධතාවය හා සුහදතාවය වර්ධනය වේවා !

    අගෝස්තු 12, 2019

    පරිත්‍යාගශීලීභාවය හා ඉවසිලිවන්තකම වඩ වඩාත් උගන්වන ඊදුල් අල්හා නමැති හජ්ජි උත්සවය දිනයේ දී රටේ පවතින දුෂ්කර තත්ත්වය,අසීරු වාතාවරණය තුරන් වී ජාතීන් අතර අවබෝධතාවය හා සුහදතාවය වර්ධනය වේවා යනුවෙන් සර්ව බලධාරී අල්ලාහ් ( දෙවියන් වහන්සේ) ගෙන් ප්‍රාර්ථනා කරන බව  නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය හජ්ජි උත්සව පණිවුඩයෙන් සඳහන් කර ඇත.

    අමාත්‍ය හකීම් මහතා සිය හජ්ජි උත්සව පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ , ඉබ්රාහිම් ( නබි ) තුමාණන් එතුමාගේ පුත්‍ ඉස්මායිල් නබිතුමාණන් සහ හාජරා මව්තුමිය යන අය සිය ජිවිතයෙහි ඉටු කළ පරිත්‍යාගයන් ඓතිහාසිකව සිහි කරන සංකේතයක් හැටියට මෙම හජ්ජි උත්සවය ලොව පුරා සිටින මුස්ලිම් බැතිමත්හු සමරති. එම සංකේතයෙහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු පතා ඉටු කරන හජ් වන්දනාව සඳහා ලොවේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් බැතිමතුන් මක්කම නගරය සහ එහි අවට රැස්වීම,ලෝක මුස්ලිම් සමාජයේ එකමුතුභාවය පිළිබිඹු කරයි.


    අප රටේ ජාතීන් අතර ඇති වී තිබෙන දූරස්ථභාවය වර්ධනය වී පවතින මොහොතක අපි තවත් ශුද්ධ වූ හජ්ජි උත්සව දිනයකට මුහුණ පා සිටින්නෙමු.මුස්ලිම් සමාජයට එරෙහිව වේදනාකාරී, පීඩනකාරී,වෛරය හා ක්‍රෝධය මතු කරන ප්‍රකාශන පවතින පසුබිමක බියෙන් හා සැකයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාවගේ සතුට හා සාමය ප්‍රාර්ථනා කරන්නෙමි.


    මිනිස් ජිවිතයේ සියලු අවස්ථාවන්හි දී දුකේ දී, සහ සැපේ දී, දුප්පත්වූවද, පොහොසත්වූව ද පරිත්‍යාගශීලීව,ඉවසීමෙන් කටයුතු කිරීමට හජ්වන්දනාව මග පෙන්වයි. අප රටේ සහ ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත ජනතාව ශුද්ධ වූ හජ්ජි උත්සවය සමරන සියලු දෙනාගේ ජීවිතයට දීප්තිමත් ,පිබිදීම් ඇති වේවායි හෘදයංගම සුභාශිංසන එක් කරමි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya