අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සමෝධානික කන්සියුලර් ජංගම සේවය” කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    අගෝස්තු 11, 2019

    විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙහෙයවන සමෝධානික කන්සියුලර් ජංගම සේවා වැඩසටහන , විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

    විදේශ රටවල දි මියගිය මෘතදේහ ගෙන්වා ගැනිම, අතරමං වූ ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ ඒ සම්බන්ධ ගැටලු විසදිමට මැදිහත්වීම, වන්දි, වැටුප්,සමාජ ආරක්ෂණ හිමිකම් යනාදිය ලබා ගැනිමට සහාය විම,විදේශයන් හි සිදුවන උපත් හා මරණ ලියාපදිංචිය, විදේශ රටවල් මගින් පොලිස් නිෂ්කාෂණ වාර්තා අයදුම් කිරීමට සහාය විම, ගුවන් ගමන් බලපත්‍ර, පුරවැසි සහතික හා ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ගැටළු විසදිම සහ සහතික පත් හා ලියකියවිලි සත්‍යාපනය ආදී සේවා ලබා දීම මෙහි දී සිදු කළේය.

    දිස්ත්‍රික්කයේ මෙම තොරතුරු අවශ්‍යතා සහිත පුද්ගලයින් 150ක් පමණ ජංගම සේවය සඳහා සහභාගී වූහ. මෙම වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ උපදෙස් මත විදේශ රැකියා අමාත්‍යාංශය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව දිස්ත්‍රික් ලේකම් කාර්යාල විදේශ රැකියා අංශය විසින් සංවිධානය කර තිබුණි.

    DMU/Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya