අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුවසැරියට පළමු ජාත්‍යන්තර ගෞරවය පුදකරමින් එහි නිර්මාතෘ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට අළුත් තනතුරක්

    අගෝස්තු 11, 2019

    මෙරට පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව අති විශිෂ්ට තලයකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවයට පළමු ජාත්‍යන්තර ගෞරවය ලබාදෙමින් එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳ පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ ASEAN-WHO කළාපීය ජාලයේ (ASEAN-WHO Regional Network for Road Safety Legislators) උප සභාපතිවරයා සහ එම ගෝලීය ජාලයට අයත් කවුන්සලයේ සාමාජිකයෙකු ලෙස ඒකමතිකව පත්කර ගෙන තිබේ.

    මෙම ගෞරවය ඔහුට ලබාදීමට හේතුවී තිබෙන්නේ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ඔහු විසින් ලබාදුන් නායකත්වයයි. 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇගයීමට ලක්කරමින් ජාත්‍යන්තරව හිමිවූ මෙම ගෞරවය පිළිබඳව එම සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මෙම සේවාවට ජාත්‍යන්තරව හිමිවූ මෙම ගෞරවය පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. බින්දුවෙන් පටන් අරන් මෙතෙක් දුරක් එන්න ලැබීම පිළිබඳව අපි කණ්ඩායමක් ලෙස ආඩම්බර වෙනවා. දිවා රෑ වෙහෙසී අපේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත වී සිටින අපගේ සුවසැරිය සාමාජිකයින් සියළු දෙනා වෙත මා මෙම ජයග්‍රහණය පුද කරනවා.“

    දිවයින පුරා නොමිලේ ක්‍රියාත්මක 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් මේ වනවිට දිනකට රෝගීන් 700 ක් පමණ රෝහල් ගත කරන අතර මෙම සේවාව ක්‍රියාත්මකවූ වසර තුනක කාලය තුළදී මේ දක්වා රෝගීන් දෙලක්ෂ විසි දහසක්
    පමණ රෝහල් ගත කර තිබේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින රෝගියෙකු වෙත සාමාන්‍යයෙන් විනාඩි 12 කට අඩු කාලයක් තුළ මෙම ගිලන් රථයක් පැමිණ තිබෙන අතර මාර්ග අපහසුතා නොමැති නාගරික ප්‍රදේශ වලදී මෙම කාලය මෙයට වඩා අඩු අගයක් ගනී.
    මේ වනවිට, සුවසැරිය ගිලන් රථ 297 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ බැංකොක් නුවරදී මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳ ASEAN PLUS ජාලය එළිදැක්වීමේ අවස්ථාවේදී මාර්ග සුරක්ෂිතතාවය පිළිබඳ පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ ASEAN-WHO කළාපීය ජාලයේ සභාපති,
    තායිලන්තයේ සෙනෙට් මණ්ඩලයේ සාමාජික Surachai Liengboonlertchai මහතාව සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හමුවූ අවස්ථාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya