අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්

    අගෝස්තු 11, 2019

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතී.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya