අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත රැකියා පෙන්වා මුදල් වංචාකළ කතක් අත් අඩංගුවට

    අගෝස්තු 10, 2019

    නවසීලන්තයේ රැකියාවක් ලබාදෙන බව පවසා තරුණයෙකුගෙන් මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් නවසීලන්තයේ රැකියාවක් ලබාගැනීම සදහා මෙම සැකකාරියට රු.500,000.00ක මුදලක් ලබාදී ඇති අතර, පොරොන්දු වූ පරිදි එම රැකියාව ලබා නොදීම හේතුවෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් කොට්ටාව ප්‍රදේශයේදී රමණි ප්‍රදීපිකා නානායක්කාර නොහොත් රමේකා ප්‍රියංගනී රණසිංහ නම් ප්‍රධාන සැකකාරිය හා ඇයට සහය දැක්වූ අයෝධ්‍ය චානක නානායක්කාර යන අය අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 6ක් හා විදේශ රැකියා සම්බන්ධ වෙනත් ලිපි ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

    වැඩිදුර සොයා බැලීමේදී ඇයට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති අධිකරණවල නඩු 7ක පවතින බව අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඇය දිවයිනේ පිළිගත් අපරාධකාරිණියක ලෙසද අධිකරණය විසින් හදුන්වා තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර, නැවතත් ඇය ‍මේ මස 22 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya