මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරයේ එක් රැස් වී ඇති කසළ එකතු කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ

    අගෝස්තු 10, 2019

    කොළඹ නගරයේ එක් වී ඇති කසළ එකතු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, ටිපර් රථ යොදා ගෙන ඒවා පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත ගෙන යමින් තිබෙන බවත් ඊයේ (09) රැස් වූ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසිය.

    අගෝස්තු 03 වනදා සිට මේ වන තෙක් කොළඹ නගරයේ කුණු බැහර කිරීම ප්‍රශ්නයක් වුවද අද වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඇතුළුව සියළු පාර්ශව මේ සම්බන්ධයෙන් ඒකඟතාවයකට පැමිණ ඇති බවත් මෙම කුණු ප්‍රවාහනය සඳහා ටෙන්ඩර් ක්‍රමයකට ලබා ගත් ටිපර් රථ යොදා ගෙන ඇති බවත් ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    පසුගිය රජය ඇතුළුව කිසිදු රජයක් කසළ බැහැර කිරිම සඳහා ස්ථිර සාර විසඳුමක් ලබා නොදී තාවකාලික විසඳුම් පමණක් ලබා දුන්නද වසර 2020 වන විට දුම්රිය යොදා ගෙන කසළ ප්‍රවාහනය කර මෙම ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබා දෙන බවද හර්ෂණ රාජකරුණාා මහතා සඳහන් කළෛ්ය.

    මෙහිදී මාධ්‍යවේදියෙකු ගූ ප්‍රශ්නයකට පිළිතුරු ‌දෙමින් කොළඹ සිට ‌‌ගෙන යන කසළ වියළි ‌හෝ ‌තෙත කුමන තත්ත්වයේ පැවතියද එම කසළ දැමිය හැකි විද්‍යානුකූල ආකාරයකට අරුවක්කාලු කසළ අංගනය සකස් කර ඇති බව රාජකරුණා මහතා පැවසිය.

    පුත්තලම අරුවක්කාලු කසළ අංගනය අධීක්ෂණය සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කිරිමට සහ පක්ෂ බේදයකින් තොරව දේශපාලන නියෝජිතයන්, ආගමික නායකයන් සහ නිලධාරීන් ඒම කමිටුවට පත් කරිමටද මසකට වරක් එම කමිටුව රැස් වී ආර්ථික කටයුතු ආංශීක අධීක්ෂණ කාරක සභාවට වාර්තාවක් සපයන ලෙස ද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya