අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත වෙයි

    අගෝස්තු 10, 2019

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම සඳහා එහි සවිකළ නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතිය විවෘත කිරීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේ දී සිදු විය.

    ඒ අනුව අද සිට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව ජනමාධ්‍යයට විවෘත වෙයි.

    ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ප්‍රජාත්‍රන්තවාදයේ ඉහළම තත්ත්වය ළඟා කරගෙන ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට  පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව ජනමාධ්‍යයට විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිණි. ඒ අනුව ඊයේ(09) සිට කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකි අතර මෙතෙක් කෝප් කමිටු සාකච්ඡා අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවැත්වුණු අතර එහි කටයුතු ජනතාවට හෙළි නොකළේය.
    කෝප් කමිටුව මෙලෙස මාධ්‍යයට විවෘත කිරීම තුළින් විනිවිද පේන රාජ්‍ය ත්‍රන්තයක් බලාපොරොත්තු වන බව පැවසූ කතානායකවරයා, මේ වන විටත් මාධ්‍යයට විවෘත කර ඇති පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කෙරුණු විශේෂ කාරක සභාව ජනතාව මහත් උනන්දුවෙන් නරඹන බවද පැවසීය.

    ඉදිරියේදී ආංශික අධීක්ෂණ සභාද පියවරෙන් පියවර මහජනතාවට විවෘත ‌ කරනු ඇත. පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මෙය තවත් එක් ඉදිරි පියවරක් ලෙස සඳහන් කළ කතානායකවරයා ‌මෙහිදී මාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.

    පොදු ව්‍යාපාර කාරක සභාව ආවරණය කිරීමට සවිකර තිබෙන කැමරා පද්ධතිය යුරෝපා සංගමයේ මූල්‍යමය අනුග්‍රහ‌ය  ලැබුණි  

    මෙම අවස්ථාවට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, යුරෝපා සංගමයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya