අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ හිඟය ඇති බව පැවසීම සම්පූර්ණයෙන් ම අසත්‍යයක්-නෙවින් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් රජය විසින් සිදු කරනවා- සෞඛ්‍ය අමාත්‍ය-

    අගෝස්තු 09, 2019

    ඖෂධ හිඟයක් රෝහල්වල පවතින බවට සිදු කරන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව සෞඛ්‍ය පෝෂණ හා  දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (9) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුරුද්ධ හේරත් මහතා ඖෂධ හිඟයක් තිබේදැයි විමසමින් කළ වචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    පුවත්පත්වල පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා ඖෂධ හිඟය සම්බන්ධව වෛද්‍ය සැපයුම් අංශය  නිවේදනය ද නිකුත් කර තිබූ බව කීය. එහෙන් ම රත්නපුර, බදුල්ල, කරාපිටිය රෝහල් අධ්‍යක්ෂකවරු ඖෂධ  හිඟයක් නොමැති බවට ප්‍රකාශ කර තිබෙන බව ද සඳහන් කළේ ය.

    පරිගණක පද්ධය මඟින් ඖෂධ හිඟයක් පවතින රෝහල් හඳුනාගත හැකි බවත් ළඟ රෝහලෙන් ඖෂධ  ලබාගැනීමට බලය ලබදී තිබෙන බව කී අමාත්‍යවරයා, එසේ නොමැති නම් පිටින් ඖෂධ ලබාගැනීමට  මිලියන 10ක මුදලක් මුදලින් රෝහල්වලට ලබා දී ඇති බව සඳහන් කළේ ය.

    රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව සඳහන් කරමින් ප්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වූ අයට එරෙහිව විනය  ක්‍රියාමර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    මෙහිදී නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබදුන් අමාත්‍යවරයා සඳහන්  කළේ, නෙවින් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් රජය විසින් සිදු කරන බවත් රෝහලේ ඖෂධ නොමිලේ  ලබාදෙන්නේ ඒ නිසා බවත් කී අමාත්‍යවරයා,නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිය ඉදිරියේ දී ලබාගැනීමට කටයුතු කරන බවත් මේ බව විට එහි අයිතිය බැංකුවට අයිති බවත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya