අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානය වැනි දියුණු රට වල රැකියා සඳහා යාමට ලැබීම අප රටට ලැබුණු වැදගත් අවස්ථාවක්

    අගෝස්තු 09, 2019

    මැද පෙරදිග වැනි රට වලින් ඉවත් වී ශ්‍රී ලංකාව ජපානය වැනි දියුණු රට වල රැකියා සඳහා යාමට ලැබීම අප රටට ලැබුණු වැදගත් අවස්ථාවක් බවත් එමඟින් ශ්‍රී ලංකාවේ දිශානතිවය වෙනස්කළ හැකි බවත් විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විදේශගත ශ්‍රමිකයන් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ලබා දෙන රන් පියාපත් සේවාව ජනගත කිරීම සඳහා ඊයේ(08) විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී ආරම්භ කරන ලද උත්සවයකට එක්වෙමිණි.

    මෙම වැඩපිළිවෙල යටතේ රට රැකියාවට යන ශ්‍රමිකයන් සඳහා සියළුම වරප්‍රසාද, දීමනා , පහසුකම් එකම පැකේජයක් යටතේ විධිමත්ව ලබා දෙනු ලබයි. වෘත්තීය පුහුණුව, වෛද්‍ය පහසුකම්, දෙස් විදෙස් රක්ෂණාවරණ , බැංකු ණය හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන දිරිගැන්වීම හා ශිෂ්‍යත්ව මේ යටතට අයත් වෙයි.

    මෙහිදී අමාත්‍යවරයාමෙසේද පැවසීය.

    ̎මේ රටට වැඩිපුරම මුදල් ගෙන දෙන රට වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් වැඩිපුරම කැපවෙන විදේශ ශ්‍රමිකයින්ව හරි පාරට ගන්න අපට ලොකු උවමනාවක් තිබුණා. බොහෝ වෙලාවට රට යන කෙනා දන් තමන්ට ඇති අයිතිය කුමක්ද, හරි රට කුමක්ද කියා දන්නේ නැහැ. අන්තිමට රිසානාගේ සිද්ධිය වගේ මරණයට පත් වුණාම මරණය වත් මෙරටට ගෙන්වා ගන්න ක්‍රමයක් නැහැ. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මුදල් අනවශ්‍ය තැන්වලට යන හැටි මම දැක තිබේනවා.ඒ නිසා තමයි මෙම හරි පාරෙන් රට යන්න කියන තීම් එක ගෙනාවේ, ජනතාවට ලැබෙන දේවල් ඔවුන්ට පෙන්වන්න අවශ්‍යයි. රන් පියාපත් කියන්නේ රට යන ඔබට රන් පියාපතක්.දැනගෙන ගියොත් ඔබ අතරමං වෙන් නැහැ.̎

     ඉදිරියේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග එක් වී විදේශ ශ්‍රමිකයන් සඳහා දේශීය මිල ගණන් වලටම විදේශීය දුරකථන සන්නිවේදන ඇමතුම් ලබා ගත හැකි වැඩපිළිවෙලක් සකස්කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     මෙම සමාරම්භක වැඩසටහන සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා, එම්.එෆ්.තවුෆික් යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya