අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුතින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 45ක් -ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රවලට වැට බැඳීම සඳහා නව වැඩ පිළිවෙළක්

    අගෝස්තු 09, 2019

    ශ්‍රී ලංකාවේ දැනට තිබෙන 332ක් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගණන ඉදිරියේ දී 377 දක්වා වැඩි කිරීමට යන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු ,පළාත් පාලන හා පළාත් සභා ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි .

    ජාතික සැලැස්මක් මත ,මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් හා වැඩි වන ජනගහණය ද සැලකිල්ලට ගෙන ජනතාවට පුළුල් සේවාවක් ලබා දීම සඳහා මෙසේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 45ක් අලුතින් පිහිටුවීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08)පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කීය.


    දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක් තිබෙන අතර ඒවායින් 280කට ම අලුතින් කාර්යාල ගොඩනැගිලි ලබා දී ඇති බවත් ඉතිරි ඒවා ට ද ළඟදීම නව ගොඩනැගිලි ලබා දීමට කටයුතු කරගෙන යන බවත් ඒ මහතා සඳහන් කෙළේ ය . තම අමාත්‍යංශය යටතේ ජාතික හැඳුනුම්පත් සහ විදේශ ගමන් බල පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහි දී කරුණු දැ වූ අභයවර්ධන මහතා ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර වලට වැට බැඳීම සඳහා නව වැඩ පිළිවෙළක් දැන් සකස් කර ගෙන යන බවද කීය.

    ඒ අනුව අලුත උපන් දරුවකු ගේ උපත ලියාපදිංචි කිරීමේ දී ඔහුගේ නම ට ජාතික හැඳුනු පත් අංකය ද නිකුත් කරනු ලැබේ .දරුවාට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු එම අංකයට ජාතික හැඳුනුම්පතක් නිකුත් කරනු ඇත .එම ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පෝර්ම පිරවීම්මෙන් තොරව ඔහුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකි බව ද ඇමතිවරයා තවදුරටත් පැවසීය .

    මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලින් සමත් වීමෙන් පසු ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට මේ අයුරි ම රියදුරු බලපත්‍රය ද ලබා ගත හැක .නව ජාතික හැදුනුම් පත අංක 12 කින් සමන්විත වේ . මේ හැර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් විදෙස්ගත වන හා මෙරටට පැමිණෙන මගීන් ලක්ෂ 500 ක ගේ තොරතුරු ගබඩා කළ හැකි නව පරිගණක පද්ධතියක් ගුවන් තොටුපොලේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේ ය .

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව හා අග්‍රාමාත්‍ය මාධ්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක් ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya